ලංකාවේ ආයෝජනයට ජපාන ආයෝජකයින්ගේ සහයෝගය

Share

ජපානයේ ඉහළ පෙළේ ආයෝජකයින් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා හමුව තිබේ.  අරලිය ගහ මන්දිරයේ පැවැති මෙම හමුවේදී ශ්‍රී ලංකාව තුළ සිදු කළ හැකි ආයෝජනයන් පිළිබදව සාකච්ඡා වී තිබේ.

 

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් වන 2030 වසර වන විට ශ්‍රී ලංකාව පුනර්ජනනීය බල ශක්තියෙන් සීයයට අසුවක් සපුරා ගැනීමේ ජාතික වැඩසටහන සඳහා තාක්ෂණික මෙන්ම මුල්‍යමය සහයෝගයන් ලබාදීමට හැකියාව පවතින බව එම ආයෝජකයින් අග්‍රාමාත්‍යවරයාට සඳහන් කර තිබේ.

මෙම අවස්ථාවට ජපානයේ ඉහළ පෙලේ ව්‍යාපාරිකයෙකු වන ජයන්ත හෙට්ටිආරච්චි, කැලුම් ද අල්විස්, සාලින්ද පිංතු යන මහත්වරුන් ද එක් වූහ.

Read more

Local News