කොරෝනා වෛරසයෙන් ලංකාව සුරක්ෂිතදැයි සජිත් විමසයි

Share

පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී වාචික ප්‍රශ්නයක් යොමු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චීනයේ පැතිර යන කොරෝනා වෛරසයෙන් මෙරටට සිදුවිය හැකි බලපෑම්වලින් ආරක්ෂා වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව විමසීමක් කළේය.

 

ඊට පිළිතුරු දුන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ චීනය ඇතුළු රටවලින් ගුවන් මඟින් මෙරටට පැමිණෙන පුද්ගලයන් පිළිබඳව විශේෂ අවදානයක් යොමුකර ඇති බවයි.

උණ රෝග ලක්ෂණ පවතින ගුවන් මගීන් පිළිබඳ ගුවන් යානය තුළදීම දැනුම්වත් කර ඔවුන් පරීක්ෂා කිරීම සඳහා ගුවන් තොටුපළ පරිශ්‍රයේ සෞඛ්‍ය ඒකකයක් ස්ථාපිත කර ඇති බව ඇය සඳහන් කළේය.

චීන ජාතික දරුවෙකු උණ රෝග ලක්ෂණයකින් පෙළීම හේතුවෙන් අයි.ඩී.එච් රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙන බව අමාත්‍යවරිය පැවසුවේය.

මේ අතර අභාවප්‍රාප්ත රංජිත් ද සොයිසා මහතා පිළිබද ශෝකය පළ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

Read more

Local News