ශ්‍රීලනිපයේ බලය අවතක්සේරු කරනවාද ?

Share

ඉදිරි මැතිවරණවලදී පුටුව ලකුණ යටතේ තරග වැදීමට පසුගිය ජනාධිපතිවරණ සමයේ පැවැති සාකච්ඡාවලදි එකඟතාවයට පැමිණි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

 

මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද පැවසීය.

“ජනාධිපතිවරණයේ දී අපි එකඟතාවයට ආවා ඉදිරියේ දී එළඹෙන මැතිවරණවලදී පොදු ලකුණකින් එකතු වෙමු, සුපුරුදු පුටුව ලකුණෙන් තරග කරමු කියලා.

ඒ එකඟතා ගිවිසුම තාමත් වලංගුයි. ඒ පක්ෂ 17ම ඒ මතයේ තමයි ඉන්නේ.

ඇතැම් අය කියනවා, ආයෙත් පොහොට්ටුවට යමු කියලා. කිසිම පක්ෂයක ජ්‍යේෂ්ඨ නායකයින් ඒ කථාව කියන්නේ නෑ.

කොහොම නමුත් අපේ පක්ෂේ අවතක්සේරු කිරීමක් කරනවා නම් ඒකට මූණ දෙන්නත් අපි ලෑස්තියි.”

Read more

Local News