චීනයේ සිටින ලාංකිකයින් සුරක්ෂිතයි

Share

චීනයේ රැඳී සිටින ශ්‍රි ලාංකිකයන් සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසු වන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

 

විශේෂයෙන් කොරෝනා වෛරසයේ බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල රැඳීසිටින ශ්‍රි ලාංකිකයින් පවතින තත්ත්වය හමුවේ ගතයුතු ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි බීජිං හි පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ.

මේ වනවිට යළි ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා විවිධ ප්‍රදේශවල රැඳී සිටින ශ්‍රි ලාංකික සිසුන් ඇතුළු කණ්ඩායම්වලින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති අතර ඊට අදාළ පහසුකම් සැලසීමට විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව පියවර ගනිමින් සිටින බව තානාපති කාර්යාලය සඳහන් කළේය.

කෙසේවෙතත් වෛරස ව්‍යාප්තිය ආරම්භයේ වුහෑන් නගරයේ ප්‍රවාහන පහසුකම් අත්හිටුවා තිබීම හේතුවෙන් එහි රැඳීසිටින ශ්‍රි ලාංකික සිසුන්ට ඉන් පිටවීමේ දුෂ්කරතා මතුව ඇති බව සඳහන්.

Read more

Local News