මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

අද (26) දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

කෙසේවෙතත් සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇතිවීමට සුළු හැකියාවක් ඇත.

හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ සුළු හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

Read more

Local News