කේරල ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

කිලිනොච්චිය, ඉරණමඩු ප්‍රදේශයේ දී කේරල ගංජා තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් විසින් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එහිදි ඔහු සතුව තිබී කේරල ගංජා කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 20ක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කිළිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේ.  ‍

Read more

Local News