රජය විසින් මුඛ ආවරණ නොමිලේ ලබා දීය යුතුයි – වසන්ත

Share

කොරෝනා වෛරසයෙන් අරක්ෂා වීම සඳහා ජනතාවට නොමිලයේ මුඛ ආවරණ ලබා දීමට ආණ්ඩුව පියවර ගතයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.

 

අනුරාධපුරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ වසංගත තත්ත්වයක දී ඒ ගැන ජනතාව දැනුවත් කරන වැඩ සටහන් ලොව පුරා පවතින බවයි.

විශේෂයෙන් චීන සංචාරකයින් වැඩි වශයෙන් ලංකාවට ඇඳී එන බවත් පැවසු ඒ මහතා, ඒ නිසාවෙන් වහාම අනුරාධපුර ප්‍රධාන රෝහල පමණක් නොව රෝහල්වලින් ජනතාවගේ ආරක්ෂාවට ‘මුඛ ආවරණ‘ අවම වශයෙන් රජය විසින් ලබා දිය යුතු බවත් පැවසීය.

එවැනි දෙයක් සඳහා රජය වියදම් කිරීම සාධාරණ බවත් ලංකාවේ මෙම තත්ත්වය උත්සන්න වුවහොත් ලංකාවෙන් භාගයකට වඩා මිය යනු ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

එනිසා මෙය පැතිරීම වැළැක්වීමට රජය නොමිලේ ජනතාවට මුඛ ආවරණ ලබා දිය යුතු බවත්, ජනතාවට මේ ගැන දැනුවත් නොකෙරුවත් එය වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවත් ඒ මහතා පැවසීය.

එනිසා මෙයට රජය වහාම මැදිහත් විය යුතු බවත්, වෛරසය ආසාධනය වී ඇති අය ගිය තැන් ගැන වැඩි විමසිලිතාවයක් යොමු කළ යුතු බවත් වසන්ත සමරසිංහ මහතා කියා සිටියේය.

Read more

Local News