නීති විරෝධිව බුරුත දැව ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට

Share

නීති විරෝධි ලෙස බුරුත දැව ප්‍රවාහනය කළ සැකකරුවෙකු පුනරීන් මුලංකාවිල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පූනරීන් පොලීසිය පවසයි‍.

 

පොලීසිය වෙත ලද තොරතුරක් මත කැබ් රථයකින් බුරුත දැව කඳන් 13 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසූවේ.

සැකකරු මුලංකාවිල් රක්ෂිතයෙන් බුරුත දැව කපා කිලිනොච්චිය දක්වා ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.

පුනරීන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් පූනරීන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News