එජාපයේ අවසන් තීන්දුව හෙට

Share

එක්සත් ජාතික පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් තීන්දු තීරණ හෙට (30) රැස්වන  පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ගැනිමට නියමිත බව එම පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

 

සිරිතොක පක්ෂ මුලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

හෙට රැස්වන  පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය මත අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට බලාපොරොත්තු වන බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත් ඉදිරි මහ මැතිවරණය ජයග්‍රහණය කළහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්ව ආණ්ඩු කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නැති බවත් ඒ මහතා කියා සිටියේය.

Read more

Local News