ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක්

Share

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම මූලික අරමුණ කරගෙන නව සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීමට රජය තීරණය කර තිබෙන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා පෙන්වා දෙයි. අගමැතිවරයාගේ උපදෙස් මත රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය නව සභාපතිවරයෙකු සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගනු ඇති බවද කියා සිටී.

ඔවුන් යටතේ සුදුසුකම් සපිරි හවුල්කරුවෙකු සමඟ ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය යටතේ ශ්‍රී ලංකන් ආයතනය ලාබ ලබන ආයතනයක් බවටත් සහ රටට ආශිර්වාදයක් බවටත් පත්වෙනු ඇති බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

Read more

Local News