මේ වනවිට රටම හරිත සංකල්පයක් වෙලා – ඩලස්

Share

මේ වනවිට රටම හරිත සංකල්පයක් බවට පත්ව ඇති බවත් එය ජාතියේ සංකල්පය විය යුතු බවත් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

 

හෝමාගම පානලුව රජයේ මුද්‍රණ සංස්ථාවේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

හෝමාගම පානලුව රජයේ මුද්‍රණ සංස්ථාවේදී  වියත් මඟ පැළ සිටුවීමේ ව්‍යාපෘතිය ඊයේ(04) පස්වරුවේ පැවැත්වුණි.

පසුගිය වසරේ ශුද්ධ අලාභය රුපියල් මිලයන 452ක් බව ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දෙයි.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සස්ථාව සහ අධ්‍යාපන අමාත්‍යාංශය නිදහස් රාජ්‍ය ආයතන නොවන බවයි.

මේ අතර රටේ සිටින දරුවෙකුට පාසලක් සඳහා ඇතුළු කිරීමට එරට සිටින අධ්‍යාපන අමාත්‍යවරයාගේ නිර්දශ අවශ්‍ය වන්නේ නම් එරට කොපමණ ගෝත්‍රිකද යන්න මොහෙතකට සිතා බලන ලෙස අමාත්‍යවරයා කියා සිටියේය.

Read more

Local News