අම්බලන්ගොඩ දී දුම්රියක ගැටී පුද්ගලයෙක් ජිවිතක්ෂයට

Share

අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේ ගංගාරාම විහාරස්ථානයට ගමන් කරන දුම්රිය හරස් මාර්ගය අසල දී අද (10) උදෑසන දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

 

මාතර සිට කොළඹ බලා ධාවනය වන සාගරිකා දුම්රියේ මෙම පුද්ගලයා ගැටී ඇති අතර, ඔහු එම ස්ථානයේදිම මියගොස් ඇති බව සඳහන්.

මළ සිරුර බලපිටිය මුලික රෝහලේ තැන්පත් කර ඇත.

මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News