සිංගිමලේ කන්දේ ගින්නක්

Share

හැටන් සිංගිමලේ කන්දේ ගින්නක් හටගෙන ඇති බව හැටන් පොලීසිය පවසයි.

 

උඩරට දුම්රිය මාර්ගයේ දිගම දුම්රිය උමං මාර්ගයද පිහිටියේ මෙම සිංගමලේ කන්ද පාමුලය.

සිංගිමලේ කන්දේ නැගෙනහිර මායිම් ප්‍රදේශයෙන් අද(13) උදැසන 9.30 ට පමණ ගින්න හටගෙන ඇත.

පවතින වියළි කාලගුණයත් සමඟ ගින්න සිඝ්‍රයෙන් කදු මුදුන දක්වා පැතිර යමින් පවති.

සිංගිමලේ කඳු මුදුන සිට පහලට ගලා බසිනා ජල මුලාශ එක්රැස් කර ගනිමින් හැටන් ප්‍රදේශයට ජාතික ජල සම්පාදන මණ්ඩලය මඟින් ජලය ලබා ගන්නා ජල වේල්ලද එම ස්ථානයේ පිහිටා ඇත.

සිංගිමලේ කඳු රක්ෂිතයේ කදුකරයට ආවේනික ක්ෂිරපායි සතුන් මෙන්ම , පක්ෂින්ද ගණනාවක්ද වෙසෙන අතර එම රක්ෂිතය තුල දුර්ලභ ඝනයේ දැව සහ ආයුර්වේද ඖෂධ පැළැටි ගණනාවක්ද තිබෙන බව හැටන් වන අඩවි කාර්යයාලයේ නිලධාරින් පවසයි.

කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව හැටන් පොලීසිය සැකකරයි.

පැතිර යන ගින්න පාලනය කිරිමට හැටන් පොලීසියේ නිලධාරින් මෙන්ම හැටන් වන අඩවි කාර්යයාලයේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් මේ වන විට කටයුතු කරමින් සිටියි.

Read more

Local News