සිංගිමලේ රක්ෂිතයේ ගින්න පාලනයට ගුවන් හමුදා සහය

Share

හැටන් සිංගිමලේ රක්ෂිතයේ අද (13) දින උදැසන හටගත් ගින්න තවදුරටත් පැතිර යන නිසා ගින්න පාලනය කිරිමට ආපදා කලමණාකරණ ඒකකය විසින් ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානයේ සහය ලබාගෙන ඇත.

 

අද පස්වරුවේ කාසල්රි ජලාශයෙන් ජලය රැගෙන අවස්තා කිහිපයකදි බෙල් 212 ගුවන් යානයෙන් සිංගිමලේ කදු මුදුණ වෙත ජලය රැගෙන ගොස් ජලය ඉස ගින්න පාලනය කිරිමට ගුවන් හමුදාව සමත්වෙයි.

අද උදැසන සිට හැටන් පොලිසිය, වන අඩවි කාර්යයාලයේ නිලධාරින්, හැටන් දික්ඔය නගර සභාව, ප්‍රදේශවාසින් සහ යුධ හමුදා නිලධාරින් පැතිර යමින් තිබු ගින්න පාලනය කිරිමට දැඩි උත්සහයක් කලද ගින්න පාලනය කිරිමට නොහැකි වු නිසා ගුවන් හමුදාවේ සහය ලබා ගැනිමට කටයුතු කෙරිණ.

පැතිර ගිය ගින්නෙන් අක්කර තුනක පමණ රක්ෂිතයෙන් කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බවයි හැටන් වන අඩවි කාර්යයාලයේ නිලධාරින් කියා සිටියේ.

Read more

Local News