ජනපතිගේ සටනට අපි සහාය වෙනවා

Share

දුෂණ වංචාවට එරෙහිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කරන සටනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහය හිමිවන බව එම සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

 

කොළඹ  පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ පැවසීය.

“රටේ තිබෙන දේශපාලන තත්ත්ව ගැන විවිධ මත සහ අදහස් ජනමාධ්‍ය තුළින් දකිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස උපරිම උත්සහය දරන්නේ ජනාධිපතිවරණයේදී සහය ලබාදීලා ජයගත් ජනාධිපතිවරයාගේ ශක්තිය තවත් වැඩි කිරීම සඳහා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය කොන්දේසි විරහිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහාය ලබාදෙනවා පමණක් නෙමෙයි. ජනාධිපතිවරයා ආරක්ෂා කර ගැනීම සඳහා කළ හැකි සියලු පරිත්‍යාග කරන්න සූදානමින්.“

Read more

Local News