අඩු පීඩන කලාපයේ බලපෑම ඉදිරියටත් – අකුණු සැර වැදීමෙන් දරුවෙකු ජීවිතක්ෂයට (VIDEO)

Share

අන්දමන් දූපත් ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපයේ වක්‍ර බලපෑම හේතුවෙන් නිරිතදිග ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇද හැලෙමින් පවතිනවා. මේ වන විට පුද්ගලයින් 5074 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. අගලවත්ත ප්‍රදේශයේදී අකුණුසැර වැදීමෙන් වයස අවුරුදු 15 ක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දිස්ත්‍රික්ක හයක් සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කිරීමටයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News