ඉස්ලාමාබාදයේ වැලන්ටයින් තහනම්

Share

ඉස්ලාමාබාද් අගනුවර තුළ වැලන්ටයින් දින සැමරුම් උත්සව පැවැත්වීම පාකිස්තාන අධිකරණයක් තහනම් කළේය.

 

අධිකරණය අදාළ තහනම් නියෝගය නිකුත් කළේ, වැලන්ටයින් හෙවත් ආදරවන්තයින්ගේ දිනය සැමරීම මුස්ලිම් සංස්කෘතියේ කොටසක් නොවන බවට ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

ඉස්ලාමාබාද් මහාධිකරණය ලබා දුන් නියෝගයට අනුව වහා ක්‍රියාත්මකවන පරිදි වැලන්ටයින් දිනය හා සම්බන්ධ සැමරුම් කිසිවක් පොදු ස්ථාන තුළ පැවැත්වීමට නොහැක.

වැලන්ටයින් දිනය හා සම්බන්ධ විශේෂ වැඩසටහන් ප්‍රචාරණය හෝ ආවරණය කිරීමෙන් වැළකී සිටින ලෙසත් අධිකරණය මාධ්‍ය වෙත උපදෙස් ලබා දී තිබේ.

පසුගිය වසරේ ප්‍රකාශයක් කළ පාකිස්තාන ජනාධිපති මම්නූන් හුසේන් පාකිස්තාන සංස්කෘතියේ කොටසක් නොවන වැලන්ටයින් දිනය බටහිර චාරිත්‍රයක් ලෙස විග්‍රහ කළේය.

Read more

Local News