වත්තල මත්පැන් අලෙවිසැලක හදිසියේ ගින්නක්

Share

වත්තල ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැලක හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා අද (13) නාවික හමුදාව සිය දායකත්වය ලබා දී ඇත.

 

වත්තල ප්‍රදේශයේ මත්පැන් අලෙවි සැලක හදිසියේ ගින්නක් හට ගෙන ඇති බව අදමහබාගේ පොලීසිය විසින් නාවික හමුදාව වෙත කරන ලද දැනුම්දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව කඩිනමින් ගිනි නිවීමේ කණ්ඩායමක් එම ස්ථානය වෙත යැවීමට කටයුතු කර ඇත.

ඒ සඳහා නාවික හමුදා ගිනි නිවීමේ ඒකකය මගින් ගිනි නිවීමේ රථ සහ ජල බවුසර ඇතුළුව නාවික පුද්ගලයින් පිරිසක් අනුයුක්ත කර සාර්ථකව ගින්න නිවා දැමීම‍ට කටයුතු කර තිබේ.

Read more

Local News