විදෙස් ශ්‍රමිකයින්ගේ දරුවන් රැකබලා ගත යුතු බව අගමැති කියයි

Share

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විදෙස්ගත ශ්‍රමිකයින් දක්වන දායකත්වය සලකා බැලීමේදී ඔවුන්ගේ දරුවන් රැකබලා ගැනීම රජය සතු වගකීමක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ අද(14) පැවති ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයකට එක්වෙමින්ය.

විගමනික ශ්‍රමික දෙමාපියන්ගේ දූ දරුවන් සඳහා බස්නාහිර පළාත තුළ පවත්වන ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර 2020 රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උළෙල ඊයේ පස්වරුවේ මරදාන එල්ෆිනිස්ටන් රඟහලේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

Read more

Local News