අද විදුලිය නිපදවිම ඉතාම අවදානම් තත්ත්වයක – රවී

Share

අද විදුලිය නිපදවිම ඉතාම අවදානම් තත්ත්වයක තිබෙන බවත් තමන් ආණ්ඩුවෙන් විපක්ෂයට යන අවස්ථාවේ තමා විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත මේ පිළිබඳව දැනුවත් කල බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටක් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

 

මම විදුලිබල ක්ෂේත්‍රයේ ඉදිරි තත්ත්වය ඉතාමත් උග්‍රයි කියලා විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතාට කියුවා නමුත් ඒ දේට ඇහුම්කන් නොදී, නිසි සැලසුම් සකස් නොකර, නැවතත් හදිසි විදුලිය මිලදී ගැනීමක් තමයි කරන්න යන්නේ. මේක ඉතාමත් භයානක තතත්වයක්. මම විදුලිබල අමාත්‍යතුමාට කිව්වා මේවාට රැවටෙන්නෙපා කියලා. නමුත් තවමත් එහි ප්‍රථිපලයක් දකින්න නැහැ. මාස දෙකක් තුනක් ඇතුළත නව ජනන සැලැස්මක් ඇති නොකළහොත්, වසර ගණනාවක්ම අපේ අහිංසක ජනතාවට තමයි එහි පාපය ගෙවන්න වෙන්නේ.  මට පේන විදියට විදුලි ක්ෂේත්‍රය පමණක් නොවේ සමස්ත රටේ ආර්ථිකයම දැන් භයානක වාතාවරණයක් ඔස්සේ තමයි ගමන් කරන්නේ. ආණ්ඩුව ද , විපක්ෂය ද කියලා ‍නොසිතා, නිවැරදි දේට ඇහුම්කන් දීලා කටයුතු කරනවානම්, මේ භයානක තත්ත්වයෙන් ගැලවෙන්න පුළුවන් වේවි. රටක් හැටියට ආර්ථික යුද්ධය දිනූවොත් තමයි අනිත් සෑම දෙයින්ම ජය ගන්න හැකි වන්නේ යැයි  පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

Read more

Local News