මාන්කුලම් රෝහල් භූමියෙන් වසර 20ක් පැරණි අස්ථි හමුව‍ෙයි

Share

මාන්කූලම් රෝහල් භූමියේ අලුතින් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා භූමිය සකස් කිරීමට කැනීම් කටයුතු වල නිරත සේවකයින්ට එම භූමියේ තිබි හමු වූ අස්ථි කොටස් කිලිනොච්චිය රෝහලේ විශේෂඥ වෛද්‍යරයා විසින් එම හමු වූ අස්ථි කොටස් වසර 20කට වඩා පැරණි බවට නිගමනය කර ඇත.

 

පසුගිය 07 වැනිදා මාන්කුලම් පොලිස් ස්ථානය වෙත මාන්කුලම් රජයේ රෝහල් වෛද්‍ය නිළධාරියෙකු විසින් මෙසේ රෝහල් භූමියෙන් අස්ථි කොටස් හමුවීම පිළිබඳව පැමිණිලි කර තිබුණි.

මේ සම්බන්දයෙන් වැඩිදුර විභාගය එලැඹෙන 26 දින නැවත අධිකරණයේදී කැඳවීමට නියමිත අතර මාන්කුලම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි

Read more

Local News