වව්නියාවේෙ සිදුවූ අනතුරකින් බිරිඳ මරුට – සැමියාට තුවාල

Share

වව්නියාව, මුරුගනූර් ප්‍රදේශයේ අද (14) උදෑසන සිදුවු රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වව්නියාව පොලීසිය පවසයි.

 

අඹු-සැමි යුවලක් ගමන්ගත් ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය ආසන්නයේ තාප්පයක ගැටීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරින් 25 හැවිරිදි කාන්තාව ජිවිතක්ෂයට පත්ව ඇති අතර, ඇයගේ ස්වාමිපුරුෂයා තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලීසිය පැවසීය.

තුවාලකරුගේ තත්ත්වය බරපතළ වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව රථවාහන පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News