ඵලක් නැති ක්‍රියාවක් ගැන කෙහෙළිය කියයි

Share

කුමන සන්ධානයකින් මහමැතිවරණයට ඉදිරිපත් වුවද එක්සත් ජාතික පක්ෂය සිය ආණ්ඩුවට අභියෝගයක් නොවන බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

 

ඊයේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය රජය සමයේ එක්සත් ජාතික පක්ෂයේ අසාර්ථකත්වය හොඳින් පෙනී ගිය බවත් එනිසාම එක්සත් ජාතික පක්ෂය සමඟ කඳවුරු බඳින සියල්ලගේම පාලනයන් අසාර්ථක බව භාවිතයෙන් ඔප්පු වී ඇති බවත් ඒ මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂය පිළිබඳ කතා කිරීමම ඵලක් නැති ක්‍රියාවක් බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

Read more

Local News