කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කරන්න සෞඛ්‍යය සේවකයින් හිසකෙස් කපයි

Share

කොවිඩ් නයින්ටීන් අසාදිතයින්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් චීන සෞඛ්‍යය සේවකයින් තම හිසකෙස් කපා දැමීමට පෙළඹී ඇත.

 

කොවිඩ් නයින්ටීන් අසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට පෙර වෛද්‍යවරු හෙද සේවකයන් ඇතුළු සෞඛ්‍යය සේවකයින් සිය ගණනක් තම හිසකෙස් කපා දැමීමට පියවර ගෙන ඇත.

රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වෛරසය අසාදනය වීමට පවතින අවදානම සැළකිල්ලට ගෙන ඔවුන් මෙම පියවර ගෙන තිබුණි.

සමාජ සත්කාරයක් ලෙසින් එරට හෝටලයක් තුළ සිදු කෙරුණ මේ කාර්යයට කරණවෑමියන් තිදෙනෙක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇත.

වූහාන් හි රෝහල්වලට සහය වීමේ අරමුණින් නන් දෙසින් පැමිණි වෛද්‍ය කණ්ඩායම් වෙනුවෙන් නොමිලේ සිය සේවාව සැපයීමට ඔවුන් කටයුතු කළේය.

සෞඛ්‍යය කණ්ඩායමක නියෝජිතයෙකු මෙහිදී ප්‍රකාශ කළේ රෝගය බහුලව ව්‍යාප්ත වී ඇති ප්‍රදේශයක සේවය කිරීමේදී හිසකෙස් හරහා වෛරසය ව්‍යාප්ත වීමේ වැඩි අවධානමක් පවතින බවයි.

මේ හේතුවෙන් කාන්තා පුරුෂ භේදයකින් තොරව වැඩි දෙනා තම හිසකෙස්  කපා දැමීමට පෙළඹී තිබුණි.

රෝගය පැතිර යාම මැඩපැවැත්වීම සඳහා බොහෝ චීන වෛද්‍ය සේවකයෝ කැපවීමෙන් දායක වෙමින් සිටින බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News