එජාපයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද රැස්වෙයි

Share

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද (17) පස්වරුවේ පැවැත් වේ.

 

පස්වරු 3.00 පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මන්ත්‍රී කණ්ඩායම රැස්වන අතර හෙට (18) පැවැත්වෙන විවාදය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කිරිමට නියමිතයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රා නිබණ්ඩාර මහත්මිය පැවසුවේ නව සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වය හැර අනෙකුත් කරුණු සම්බන්ධයෙන් මේ වන විට සියලු පාර්ශව එකගතාවට පැමිණ ඇති බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා මහතා ප්‍රකාශ කළේ අප්‍රේල් මස 25 වැනිදා වන විට තම පක්ෂයේ රජයක් පිහිටුවන බවයි.

මේ අතර උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

Read more

Local News