යාල වනෝද්‍යානයේ මැණික් පතල් ජාවාරමක් වටලා 4ක් අත්අඩංගුවට

Share

මොණරාගල වනජීවි කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක හතර පැලෑස්ස ප්‍රදේශයේ සිදු කළ හදිසි වැටලීමකදී මහා පරිමාණයෙන් සිදුකරගෙන ගිය මැණික් පතල් ජාවාරමක් වටලා සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙම සැකකරුවන් සිදු කරගෙන ගිය මෙම පතල් කැණීම් නිසා වනෝද්‍යානයට විශාල හානියක් සිදු වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ත් 40ත් අතර පසුවන්නන් බව වනජීවි නිලධාරීන් පවසයි.

සැකකරුවන් සන්තකයේ තිබී මැණික් ගැරීම සදහා උපයෝගී කර ගත් උපකරණ රැසක් ද වනජීවි නිලධාරීන් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මොණරාගල වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කරයි.

Read more

Local News