එජාප විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද සවස රැස්වෙයි

Share

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් අද(19) පැවැත්වෙයි.

 

ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදීය.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ඉදිරි මහමැතිවරණය සඳහා තරග වදින්නේ කුමන ලාංඡනයකින්ද යන්න පිළිබඳව පසුගිය සතියේ දැඩි කතාබහකට ලක්වුණි.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය සමගි ජන බලවේගය නමැති සන්ධානයෙන් හදවත ලකුණ යටතේ තරග කළ යුතු බවට යෝජනා කර තිබුණි.

කෙසේවෙතත් නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය ඊට පළ කර තිබුණේ දැඩි විරෝධයකි.

මෙවන් පසුබිමක දෙපාර්ශ්වය අතර තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණි.

එහිදී දෙපාර්ශ්වයම එකඟ වී තිබෙන්නේ හංසයා ලකුණ යටතේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි ජන බලවේගය ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරීමටයි.

කෙසේවෙතත් අද පෙරවරු 10.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මේ පිළිබඳ අවසන් තීරණයක්  ගැනීමට නියමිතයි.

Read more

Local News