විස්සවි විස්ස කාන්තා ලෝක කුසලාන තරඟාවලිය අදින් ආරම්භ වෙයි

Share

කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය අද (21) ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතයි.

 

රටවල් 10 කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 8ක් සෘජුව තේරීපත් වී ඇති අතර බංග්ලාදේශය සහ තායිලන්තය සුදුසුකම් ලබා ගැනීමේ තරඟ ක්‍රීඩා කර ලෝක කුසලානයට තේරී පත්වී තිබේ.

කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ශූරතාව අවස්ථා 4කදී ඔස්ට්‍රේලියාව ජයගෙන ඇත.

ලෝක කුසලානය ආරම්භ කරමින් පළමු තරඟය ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර අද සිඩ්නිහිදි පැවැත්වීමට නියමිතයි.

මෙවර ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට චමරි අතපත්තු නායකත්වය ලබා දෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරඟය පෙබරවාරි 22 වැනිදා නවසීලන්තය සමඟ පැවැත්වෙයි.

Read more

Local News