අඹගමුව ප්‍රාදේශීය සභාව කොටස් තුනකට කඩා වෙන් කිරීමට පියවර – ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

Share

පළාත් පාලන සීමා නීර්ණය කිරීමේදී අඹගමුව ප්‍රාදේශීය සභාව කොටස් තුනක් වශයෙන් කඩා වෙන් කිරීමට පියවර ගෙන ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

ඒ පළාත් පාලන විෂයභාර අමාත්‍යවරයා පත් කළ පංච පුද්ගල කමිටුවක් විසින් සිදු කළ නිර්දේශවල අනුවයි.

සීමා නීර්ණය කිරිමේදී අඹගමුව ප්‍රාදේශීය සභාව කොටස් තුනක් වශයෙන් වෙන් කරමින් පළාත් පාලන විෂයභාර අමාත්‍යවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලා ගොණු කර ඇති පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා මේ බව දැනුම් දී තිබේ.

Read more

Local News