හෙරොයින් ජාවාරමේ යෙදුණු 6ක් පිළියන්දල දී අත්අඩංගුවට

Share

පිළියන්දල දැල්තර ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් කර විකිණීමේ ජාවාරමක නිරත වූ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

ගල්කිස්ස කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලිමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 500ක් සොයාගෙන ඇත.

පොලීසිය වැටලීම සිදුකරන අවස්ථාවේ මෙම සැකකරුවන් හෙරොයින් පැකට් කරමින් සිටි අතර අත්අඩංගුවට ගත් එක් සැකකාරියක් විසින් නිවසක් කුලියට ගෙන මෙම ජාවාරම සිදුකර ඇති බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් ගල්කිස්ස සහ බඩෝවිට යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර පොලිස් භාරයට ගැණුනු හෙරොයින්වල වටිනාකර රුපියල් ලක්ෂ 60කට අධික බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (23) දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News