ට්‍රම්ප් ඉන්දියාවට

Share

ඉන්දියාවේ සිය පළමු නිල සංචාරය ආරම්භ කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද(24) එරටට පැමිණ තිබේ.

 

ඉන්දියාවේ සංචාරයකට සහභාගී වන හත් වැනි අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ඔහුගේ මෙම සංචාරය සුවිශේෂයි.

අමෙරීකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සංචාරයට සමගාමීව ඉන්දියාවේ ආරක්ෂාව තර කර තිබේ.

ඊට සමගාමීව ජනාධිපතිවරයා සංචාරය කරන ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අග්‍රා නගරවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබුණි.

කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ සංචාරය හමුවේ බටහිර ඉන්දියාවේ අහමබාද් සිට නව සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය දක්වා මාර්ගයේ කඩිනමින් තාප්පයක් ඉදිකිරීම දැඩි කතාබහට ලක්ව තිබේ.

මුඩුක්කු නිවාස වසා දැමීම සඳහා එය ඉදිකළ බවට ඊට විවේචන එල්ල විය.

බොහෝ දෙනා පවසන්නේ මෙය යථාර්ථය සැඟවීම සඳහා අගමැති නරේන්ද්‍ර මෝදි දරන උත්සාහයක් බවයි.

ට්‍රම්ප්, මෝදී සහ මෙලනියා ට්‍රම්ප්ගේ රුව රැගත් බැනර් සහ පුවරු විශාල ප්‍රමාණයක් අහමබාද් නගරය පුරා සවිකර තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා ගමන් ගන්නා මාර්ගවල කිලෝමීටර් තුනක් ඇතුළත සුනඛයන් සහ වීථි ගවයන් ඉවත්කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බව සඳහන්.

අහමබාද් ගුවන්තොටුපලේ ධාවන පථයේ කුරුල්ලන් හා වඳුරන් එළවීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබුණි.

ටජ්මහල ආසන්නයේ පිහිටි යමුනා ගඟෙන් දුර්ඝන්දය පිටවීම වැළැක්වීම සඳහා එයට විශාල ජල ප්‍රමාණයක් මුදාහැර ඇතැයි වාර්තා වෙයි.

දුර්වර්ණය තිබූ ටජ් මහල හුනු පිරියම් කර ප්‍රතිසංස්කරණය කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News