ගිනිගත්හේන පොලිසියේ දෙදෙනෙකුට පහර දුන් සැකකරු අත්අඩංගුවට

Share

ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් දෙදෙනෙකුට පොල්ලකින් පහර දී තුවාල සිදු කළ සැකකරුවෙකු ඊයේ (23) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

 

බීමත් පුද්ගලයෙක් කලහකාරි ලෙස හැසිරෙමින් ප්‍රදේශවාසින්ට බැන වදින බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් මත ඊයේ රාත්‍රි 9.00ට පමණ රාජකාරියේ නිරත වී සිටි පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ගිනිගත්හේන පිටවල සමන්ගිරි ජනපදයට ගොස් සැකකරු අත්අඩංගුවට ගැනිමට කටයුතු කර ඇත.

එම අවස්ථාවේදි සැකකරු විසින් පොලිස් නිලධාරින් දෙදෙනාට පොල්ලකින් පහර දි මෙලෙස තුවාල සිදු කර තිබේ.

පහර කෑමට ලක්වු පොලිස් නිලධාරින් දෙදෙනා සිද්ධිය සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය වෙත දැනුම් දිමෙන් පසු ගිනිගත්හෙන පොලිසියේ වෙනත් නිලධාරින් පිරිසක් සිද්ධිය වු ස්ථානයට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පසුව තුවාල ලබා සිටි පොලිස් නිලධාරින් දෙදෙනා ගිනිගත්හේන රෝහල වෙත ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මහ රෝහල වෙත මාරු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 46 වයසැති තිදරු පියෙකු බව පොලිසිය පවසයි.

සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් ගිනිගත්හේන පොලිසිය පවසයි.

Read more

Local News