ලොව වයස්ගතම පිරිමි පුද්ගලයා මිය යයි

Share

ලොව වයස්ගතම පිරිමි පුද්ගලයා ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියූ ජපන් ජාතික චිතෙට්සු වටනබේ මියගොස් තිබේ.

 

උණ රෝගය වැළදීමෙන් ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ලොව වයස්ගතම පිරිමි පුද්ගලයා ලෙස මේ මස මුලදී නම් කෙරුණු චිතෙට්සු වටනබේ හට ඊට අදාල ගිනස් සහතිකය පසුගිය 12 වනදා පිරිනමා තිබුණි.

1907 වසරේදී උපත ලැබූ ඔහු මියයන විට 112 වැනි වියේ පසු විය.

Read more

Local News