ගිනිඅවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

මීගොඩ පොලිස් වසමේ වටරැක එච්.ආර්.ජෝතිපාල මාවතට හැරෙන මංසන්ධියේ දී ගිනිඅවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් නීතිවිරෝධි ලෙස සන්තකයේ තබා ගනිමින් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක් වු ගාලබැදහේන, වටරැක, මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (26) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News