ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (25) දින ඕමන්ත හමුදා මුරපොළ අසල සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

 

නාවික හමුදාව සහ සෙට්ටිකුලම, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඕමන්ත හමුදා මුරපොළ අසල  සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැක සහිත වෑන් රථයක් නිරීක්‍ෂනය කර පරීක්‍ෂා කිරීමේදී එහි තිබී නීති විරෝධී ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය පැකට් 1897 ක් (කිලෝ 189 ග්‍රෑම්700) සොයා ගැනීමට සමත්විය.

මෙම රසායනික ද්‍රව්‍ය තොගය‍ විකිණීම සඳහා ප්‍රවාහනය කරමින් තිබියදී මෙලෙස සොයා ගන්නා ලද අතර, එහිදී එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 49 ක් වන වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනා ගන්නා ලද අතර, එම පුද්ගලයා, වෑන් රථය සහ නීති විරෝධී ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා ඕමන්ත පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Read more

Local News