නිවසින් පිටව ගිය තිදරු පියාගේ සිරුර මස්කෙලිය ඔයෙන් මතුවෙයි

Share

නිවසින් පිටව ගිය තිදරු පියෙකුගේ සිරුර මස්කෙළිය ඔයේ තිබි අද (27) දින සොයාගත් බව මස්කෙළිය පොලිසිය පවසයි.

 

මෙසේ සොයගනු ලැබුවේ මස්කෙළිය පොලිස් වසමට අයත් මස්කෙළිය බ්‍රවුන්වික් වතුයායට අයත් කුයින්සි ලැන්ඩ් කොටසේ පදිංචි වේලායුදම් සුරියකුමාර් නැමැති 41 හැවිරිදි තිදරු පියෙකුගේ සිරුරයි.

මරණකරු අද දින උදෑසන 7.00ට පමණ නිවසින් පිටව ගොස් ඇත.

නිවසින් පිටව ගිය තම සැමියා ආපසු නොපැමිණි බව බිරිඳ විසින් මරණකරුගේ ඥාතින් වෙත දැන්විමෙන් පසු ඥාතින් විසින් අතුරුදහන්ව සිටි පුද්ගලයා සොයා සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇත.

එහිදී ඔහුගේ මළ සිරුර මවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා මස්කෙළිය ඔයේ මොටිගම් වත්ත ප්‍රදේශයේදි පාවෙමින් තිබී ඇති අතර පසුව ඥාතීන් විසින් මේ පිළිබඳව පොලීසිය දැනුවත් කර ඇත.

මෙම සිද්ධිය සියදිවි හානි කර ගැනීමක්ද නැතහොත් දිය නැමට ගොස් දියේ ගිලි සිදු වු මරණයක්ද යන්න පිළබඳව මස්කෙලිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

Read more

Local News