තැපැල් ඡන්ද පත‍්‍රිකා තැපෑලට බාරදීම ලබන 11 වැනිදා

Share

පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද පත‍්‍රිකා තැපෑලට බාරදීම ලබන 11 වැනිදා සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තැපෑලෙන් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් පන් ලක්ෂ 60,536 දෙනෙකු සුදුසුකම් ලබා සිටියි.
තැපැල් ඡන්ද සලකුණු කිරීම මැතිවරණ කාර්යාල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල හා පොලිස් ස්ථානවල ජනවාරි මස 22 වන දින සිදුකිරීමට නියමිත අතර සෙසු රජයේ කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීම ජනවාරි 25 සහ 26 යන දෙදින තුළ සිදුකිරීමට නියමිතයි.

Read more

Local News