නීති විරෝධී දැල් පහක් සමඟ තිදෙනෙක් නාවික හමුදා බාරයට

Share

නාවික හමුදාව විසින් අද (28) මන්නාරම, වන්කාලේ මුහුදු තීරයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධි දැල් පහක් සමග පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

 

සාගර පරිසර පද්ධතිය සුරක්‍ෂිත කිරීමේ කාර්යය තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විශාල මෙහෙයක් ඉටු කරනු ලබයි.

ඒ අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් මන්නාරම, වන්කාලේ වෙරළ තීරයෙහි සිදු කරනු ලැබූ මුර සංචාරයක් අතරතුරදී තහනම් දැල් පහක් සමග පුද්ගලයින් තිදෙනෙක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.

එහිදි ඩිංගි යාත්‍රාවක් සමග අනෙකුත් ධීවර ආම්පන්න ද නාවික හමුදා භාරයට ගත් අතර, එම පුද්ගලයින් අවුරුදු 35, 38 සහ 57 වන වියෙහි පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව වැඩිදුරටත් තහවුරු කරගන්නා ලදි.

ඒ අනුව, අදාල පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව සහ තහනම් දැල් සමග අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Read more

Local News