30/1න් ඉවත් වීම ලංකාවට අහිතකර නෑ

Share

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේදි ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දැක්වූ යෝජනාවලින් ඉවත්වීම තුළින් රටේ ආර්ථිකයට යම් බලපෑමක් සිදුවේය යන්න සිතිය නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

 

ජීනිවා යෝජනා සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පලකරමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

මානවහිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවලියෙන් ඉවත්විමට ගත් තීරණය සම්බන්ධයෙන් තානාපති මට්ටමින් සාකච්ඡා කර විසදුමකට පැමිණිය හැකි බවයි අමුණුගම මහතා පවසන්නේ.

පවතින ලෝක ප්‍රවණතාවට අනුව එමඟින් ලංකාවට අහිතකර ජාත්‍යන්තර බලපෑමක් නොවනු ඇති බවයි ඔහු පවසන්නේ.

Read more

Local News