ශ්‍රී ලංකාවේ ප්‍රථම ඖෂධ නිෂ්පාදන කර්මාන්ත කලාපය ඉදිකිරීම සඳහා ගිවිසුම් අත්සන් කරයි

Share

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඖෂධ නිෂ්පාදන කර්මාන්ත කලාපය ඉදිකිරීම සඳහා ගිවිසුම් අත්සන් කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් පරිශ්‍රයේ දී පැවැත්විණි.
එම කර්මාන්ත කලාපය කළුතර වැලිපැන්න ප්‍රදේශයේ ඉදි කෙරෙන අතර, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් නිෂ්පාදනය කරන ඖෂධ මිලදී ගැනීමට නියමිතය. මැලේසියානු සමාගමක් සහ B.P.C. හෙල්ත් කෙයා ආයතනය මෙම කර්මාන්ත කලාපය තුළ ඖෂධ නිෂ්පාදන කිරීමට ගිවිසුම් අත්සන් කරන ලදී. B.P.C. හෙල්ත් කෙයා ආයතනය ඉවත ලන රුධිර ප්ලාස්මා භාවිතා කරමින් ඖෂධ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත.
මැලේසියානු සමාගම වෙනුවෙන් ප්‍රැටික් ලීන් මහතා ද, B.P.C. හෙල්ත් කෙයා ආයතනය වෙනුවෙන් වෛද්‍ය Jayg මහතාද ගිවිසුම් අත්සන් කළ අතර රාජය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව වෙනුවෙන් එහි සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර මහතා විසින් ගිවිසුම්වලට අත්සන් කරන ලදී. මෙම ව්‍යාපෘතියේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 10 ඉක්මවයි.
සායනික අපද්‍රව්‍ය ලෙස සෑම වසරකදී ම රුධිර ප්ලාස්මා ගැලුම් 1000 ක් පමණ විනාශ කරන බවත් එය එක් අතකින් පරිසර විනාශයක් බවත් පෙන්වාදෙන සෞඛ්‍ය අැමති මෙම රුධිර ප්ලාස්මා භාවිත කරමින් ඖෂධ නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන බවත් පෙන්වා දුන්නේය.
ඒ සදහා ඇමරිකානු ආයෝජකයෙක් ඉදිරිපත්ව ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ එම්. සුන්දර ලිංගම් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Read more

Local News