ජීව අත් බොම්බයක් සමඟ අයෙක් මාට්ටු

Share

ගල්කිස්ස ප්‍රදේශයේ දී විදෙස් රටක නිශ්පාදිත ජීව අත් බොම්බයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

කාන්තාවන් දෙදෙනෙකුට පහර දි පිහියකින් තුවාල සිදුකිරිමේ සිද්ධියකට අදාළව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේ දි ඔහු සතුව තිබි විදෙස් රටක නිශ්පාදිත ජීව අත් බොම්බයක් සොයාගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද (13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News