ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනේ

Share

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පැවති ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබේ.

 

ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ(17) දිනයේ ප්‍රකාශයට පත් කර ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුව මීට පෙරද ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති අතර පසුව එය චමල් රාජපක්ෂ අමාත්‍යවරයාට අයත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය යටතට පත් කෙරුණි.

කෙසේ වෙතත් මේ වන විට එය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කර ඇති අතර ඒ අනුව ආගමන හා විගමන කටයුතු සහ ශ්‍රී ලාංකික පුරවැසි භාවයට අදාල කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය යටතට පැවරෙයි.

Read more

Local News