විදෙස් සංචාරකයින්ට රට තුළ ගමන් තහනම් කරයි

Share

මහජනයා විශාල වශයෙන් එක් රැස්වීම රෝග ව්‍යාප්තියට හේතුවන බව දැනුම් දී තිබුණ ද විදේශීය සංචාරක කණ්ඩායම් වශයෙන් රට තුළ ගමන් බිමන් කරන බවට තොරතුරු ලැබී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

 

නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

මෙරට වැසියන් ද විනෝද චාරිකාවල නිරත වෙමින් සිටින අතර එවැනි ඒකරාශී වීම් නතර කළ යුතුව ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

කොරෝනා වෛරසය මර්දනයේ තවත් පියවරක් ලෙස විනෝද චාරිකා, වන්දනා ගමන් සහ සංචාරක කණ්ඩායම්වල ගමන් බිමන් වහාම තහනම් කිරීමට රජය තීරණය කර තිබේ.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස මේ තීරණය ගෙන තිබේ.

ජනතාව ගැවසෙන ස්ථානවලදී මීටරයකින් පමණ පුද්ගල දුරස්ථතාවය පවත්වා ගැනීමට ලබා දී ඇති උපදෙස් අනිවාර්යෙන් පිළිපදින ලෙස ද රජය ඉල්ලා සිටියි.

බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක අවස්ථාවලදී මේ පිළිවෙත අනුගමනය කරන ලෙස ඉල්ලා රජය ඉල්ලීමක් කරයි.

Read more

Local News