ගත වු පැය 24 තුළ ඉතාලියේ මරණ 627ක් වාර්තා ‌වෙයි

Share

කොරෝනා වෛරසය ආසාදිත වීම හේතුවෙන් මේ වන විට ලොව පුරා මරණ 11,383ක් වාර්තා වන අතර ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ 75,000 ඉක්මවා ගොස් තිබේ.

 

වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 4,032ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගත වු පැය 24ක කාලය තුළ පමණක් එරටින් මරණ 627ක් වාර්තා වී ඇති අතර කොරෝනා වෛරසය හේතුවෙන් කිසියම් රටක එක්දිනක් තුළ සිදුවු වැඩිම මරණ සංඛ්‍යාව ව මෙය ‌වෙයි.

ඉතාලියේ මියගිය පිරිස අතර වෛද්‍යවරුන් 17 දෙනෙකු ද වන බව වාර්තා වේ.

Read more

Local News