ඔලිම්පික් වසරකින් කල් දමයි

Share

2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල වසරකින් කල් දමා තිබේ.

 

2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල වසරකින් කල් දමන ලෙසට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ හිටපු අලෙවිකරණ අධ්‍යක්ෂ මයිකල් පේන් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මෙවර තරගාවලිය කල් දමන ලෙසට ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නිලධාරීන් ඇතුළු විවිධ පිරිස් ජාතික ඔලිම්පික් කමිටුවට බලපෑම් එල්ල කර ඇති බව වාර්තා වෙයි.

එහිදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බච් සඳහන් කර තිබෙන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල කල්දැමීම අතිශය සංකීර්ණ තීරණයක් වන අතර, එසේ සිදු කළහොත් එය 11000ක් පමණ වු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඔලිම්පික් සිහිනය විනාශ කිරීමක් බවයි.

Read more

Local News