තවත් කොරෝනා ආසාදිත පුද්ගලයෙක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

Share

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු සුවය ලබා තිබේ.

 

අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මෙලෙස සුවය ලබා ඇති බව රෝහල් ආරංචිමාර්ග සදහන් කළේය.

වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර මෙරටදී සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

ඒ අනුව මේවනවිට කොරෝනා වෛරස ආසාදිතයින් 99 දෙනෙකු රෝහල් 3 ක ප්‍රතිකාර ලබයි.

අයි.ඩී.එච්රෝහලේ රෝගීන් 88 දෙනෙකු, වැලිකන්ද මූලික රෝහලේ රෝගීන් දස දෙනෙකු සහ මුල්ලේරියාව මූලික රෝහලේ එක් රෝගියෙකු ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

මීට අමතරව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකකෙරෙන පුද්ගලයින් 255 දෙනෙකු දිවයිනේ රෝහලේ 21ක වෛද්‍ය අධීක්ෂණය යටතේ රැදී සිටින බව ද සදහන්.

Read more

Local News