අලුතින් මුද්‍රණය කරන පෙළපොත් වසර දෙකක කාලයක් භාවිතා කිරීමට තීරණයක්

Share

අධ්‍යාපන අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (11) කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ පැවති 2018 වර්ෂය සඳහා පෙළපොත් බෙදාදීමේ ජාතික මහෝත්ස්වයට එක්වෙමින් ප්‍රකාශ කළේ,

අලුතින් මුද්‍රණය කරන පෙළපොත්, වසර දෙකක කාලයක් භාවිතා කිරීමට පාසල් ළමුන් යොමුකරවීමට ගත් තීරණය යහපත් චේතනාවෙන් ගත් තීරණයක් බවයි.

පාසල් පෙළපොත් මුද්‍රණය සම්බන්ධයෙන් පවතින සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මහජන බදු මුදල් වැය කිරීම් කළමනාකරණය කරවීමේ අරමුණින් මෙන්ම සිසුන්ට පෙළපොත්වල අගය කියාදීමේ අරමුණින් ද මෙම තීරණය ගත් බව ද සඳහන් කළේය.

ඒ මහතා ප්‍රකාශ කළේ රජය විසින් නොමිලේ ලබා දෙන පෙළපොත් තවත් වසරක් භාවිතා කිරීමට සුදුසු වන පරිදි සංරක්ෂණය කිරීමේ යුතුකම සහ වගකීම සිසුන් සතු වන බවයි.

Read more

Local News