කොරෝනා ව්‍යාප්තියේ මීළඟ කේන්ද්‍රස්ථානය අමෙරිකාව බව අනතුරු අඟවයි

Share

ලෝක බලවතා වන අමෙරිකාව නව කොරොනා ව්‍යාප්තියත් සමඟ දැඩි ව්‍යාකූලත්වයකට පත්ව තිබේ.

 

ඊයේ දිනයේදීත් එරටින් ආසාදිතයින් දස දහසකට ආසන්න ප්‍රමාණයක් වාර්තාවූ අතර දිනක මරණ ගණන 163ක් ලෙසින් දැක්වුණි.

ඒ රටපුරා ආසාදිතයින් 53000ක් වාර්තා වී තිබියදීයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනතුරු අඟවා ඇත්තේ, කොරෝනා ව්‍යාප්තියේ මීළග කේන්ද්‍රස්ථානය බවට අමෙරිකාව පත්වීමේ වැඩි අවස්ථාවක් පවතින බවයි.

මේ අතර, ආසාදිතයින් වැඩි වශයෙන් හදුනාගැණුනු නිව්යෝර්ක් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා අවධාරණ කර සිටින්නේ, එම ප්‍රාන්තය තුළ අධිවේගී දුම්රියක් තරම් වේගයෙන් වෛරසය ව්‍යාප්තවෙමින් පවතින බවයි.

ඒ සම්බන්ධයෙන් මධ්‍යම රජය ප්‍රමාණවත් අවධානයක්  යොමුනොකරන බව ආණ්ඩුකාරවරයා අවධාරණය කළේය.

කෙසේ නමුත් CNN ජාලය ප්‍රකාශයට පත්කළ නවතම වාර්තාවකින්  පෙන්වාදෙන්නේ, කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් අමෙරිකානුවන් තොරතුරු සඟවන බවයි.

මේ හේතුවෙන් පවතින තත්ත්වය ගෝලීය වශයෙන් අවබෝධකරගැනීමට නොහැකිවී ඇති බව විමර්ශකයින් අනාවරණ කරයි.

Read more

Local News