කොරෝනා මරණ 21000ක් දක්වා ඉහළට – ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් නිවෙස් වල

Share

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රටවල් වසා දැමීම හෝ කටයුතු සීමා කිරීම හේතුවෙන් ලෝක ජනගහනයෙන් හතරෙන් එකක පිරිසකට බලපෑම් එල්ල වී තිබේ.

 

එනම් මේ වන විට ලෝක ජනගහනයෙන් බිලියන 7 යි දශම 3 පිරිසකට විවිධ සීමාවන් හේතුවෙන් නිවෙස්වලට වී සිටීමට සිදුව ඇති බව විදෙස් විචාරකයින් පෙන්වා දෙයි.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අද වන විට ලොව පුරා පුද්ගල මරණ 21,180ක් වාර්තා වී ඇති අතර හඳුනා ගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව හාර ලක්ෂ 68,000 ඉක්මයි.

වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඉතාලියේ ඊයේ(25) දිනය තුළ ද මරණ 683ක් සිදුවීමත් සමඟ එරටින් වාර්තාවන මුළු මරණ සංඛ්‍යාව 7503ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආසාදිතයින් සංඛ්‍යාව ද 75,000ට ආසන්න වී ඇත්තේ ඊයේ දිනය තුළ නව ආසාදිතයින් 5210 දෙනෙකු හඳුනා ගැනීම හේතුවෙන්.

ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තාවන රටවල් අතර තෙවන ස්ථානයට පත්ව සිටින අමෙරිකාවේ ගතවූ පැය 24 තුළ නව ආසාදිතයින් 10,796 දෙනෙකු වාර්තාවීමත් සමඟ එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 65,000 ඉක්මවා ගොස් තිබේ.

වෛරස ව්‍යාප්තියෙන් නිව්යෝර්ක් ප්‍රාන්තයට වැඩිම බලපෑමක් එල්ල වී ඇති අතර ප්‍රාන්ත පොලීසියේ 300කට ආසන්න පිරිසක් ද වෛරසයට ගොඳුරු වී ඇති බව සඳහන්.

කොරෝනා වෛරසය හේතුවෙන් ලොව දෙවන වැඩිම මරණ සංඛ්‍යාව වන 3647ක් වාර්තා වන ස්පාඤ්ඤයේ උප අගමැතිවරයා ද වෛරසයට ගොඳුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

එමෙන්ම වෛරසයට ගොඳුරු වීමෙන් හන්ගේරියාවේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය තානාපතිවරයා ඊයේ මියගොස් ඇති බව ද සඳහන්.

මේ අතර ලබන අප්‍රේල් මස 22 වැනිදා රුසියාවේ පැවැත්වීමට නියමිතව තිබූ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය පිළිබඳ ඡන්ද විමසීම වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් දින නියමයක් නොමැතිව කල් දමන බව ජනාධිපති ව්ලැද්මීර් පුටින් ඊයේ ජාතිය අමතමින් ප්‍රකාශ කර තිබුණි.

මෙම සංශෝධන ඉදිරිපත් කර ඇත්තේ 2000 වසරේ සිට රුසියානු ජනාධිපති ධුරයේ කටයුතු කරන පුටින් හට 2036 වසර දක්වා බලයේ රැදී සිටීමට අවස්ථාව සලසමින්.

Read more

Local News