නිරෝධායනය වු තෙවන කණ්ඩායමත් අද නිවෙස් වෙතට

Share

විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර සිටි තවත් පිරිසක් අද(26) දිනයේ සිය නිවෙස් වෙත පිටත් කර හැරීමට නියමිතව තිබේ.

 

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ 163 දෙනෙකු අද දිනයේ නිවෙස්වලට පිටත් කර හැරීමට නියමිත බවයි.

මේ වන විට නිරෝධායනයට ලක්වු පුද්ගලයින් 512 දෙනෙකු සිය නිවෙස් වෙත පිටත් කර හැරීමට කටයුතු කර තිබේ.

තවත් තුන්දහසකට ආසන්න පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවල රැදි සිටින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර  සිල්වා මහතා සඳහන් කළේය.

Read more

Local News